රුපියල් එක් කෝටි හැත්තෑ අට ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ඉකුත් සති දෙකක කාළය තුළ කොළඹ මධ්‍යම හුවමාරුව තුළ භාර ගැනීමට නොපැමිණි පාර්සල් තුළ තිබී ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් විසින් 03/19 දින පස්වරුවේ සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම පාර්සල් ප්‍රංශය, ඇමෙරිකාව,කැනඩාව සහ නෙදර්ලන්තය යන රටවල සිට මහනුවර , මීගමුව , ජා - ඇළ , වැල්ලවත්ත, නුගේගොඩ, තංගල්ල, මහියංගනය සහ යාපනය යන ප්‍රදේශ වල පිහිටි ලිපිනයන් වෙත භාර දීම සදහා කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ලැබී තිබුණි .
මෙවැනි පාර්සල් 20 ක් ඉකුත් සති දෙකක කාළය තුළ තුළ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ලැබී තිබූ අතර ඒවා භාර ගැනීමට කිසිවෙකු නොපැමිණීම නිසා , ඒවා 03/19 දින විවෘත කර පරීක්ෂා කිරිමට තැපැල්පතිවරයාගේ අනුමැතිය ලබා ගැනීමෙන් පසු , ඒවා විවෘත කර පරීක්ෂා කිරිම සිදු කෙරුණි .
එහිදී ඒවායින් පාර්සල් 14 ක '' කුෂ්" මත්ද්‍රව්‍ය ග්‍රෑම් 272 ක් සහ '' මෙතැම්පටමයින් '' මත්ද්‍රව්‍ය පෙති 2,049 ක් සොයා ගැනීමට රේගු තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් සමත් වී තිබුණි .
පසුව මත්ද්‍රව්‍ය තොගය රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් හදුනා ගෙන සහතික කිරීමෙන් පසුව මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .